umbrella man | කුඩයක් අතින්ගත් අත්භුත මිනිසා







මේ කියන්න යන්නෙ umbrella man කියන පුරාවෘත කතාවක් ඇසුරින් ලියන කතාවක්. පුද්ගලයෙකු ලබපු අත්දැකීමක් ඇසුරින් තමා මෙම කතාව ලියන්නෙ. අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. විස්වාස කිරීම හෝ නොකර සිටීම ඔබ සතුයි.

එදා තද වැසි දිනයකි. මට මගේ කුඩය අමතක වූ හැටි.. මම මටම දොස් කිය කිය වැඩ නිමවී ගෙදරට එමින් සිටියෙමි.දැනටමත් බාගෙට තෙමුනු නිසා පයින්ම ඉතිරි ටිකත් යන්නට තීරනය කර ඉදිරියට ඇදුනෙමි. අදුරු වූ පාලු මාවත දිගේ එනවිට ඈතින් නිවි නිවී දැල්වෙන එලිය මාවතේ අද්භූත බව තවත් වැඩිකලේය.



මාවතේ ටික දුරක් එනවිට ඈතින් අළු පැහැති ඇඳුමින් සැරසුනු උස හීන්දෑරී පුද්ගලෙයෙක් කුඩයක් ද අතැතිව මා දෙස බලා සිටිනවා දුටිමි. මා දුටු ඔහු මා හා සිනා සී මට කුඩය යටට ආරාධනා කරන ආකාරයට ඔහු කුඩය මා වෙතට දික් කලේය. එම කුඩය දෙදෙනෙකුට සෑහේ.වැස්සෙන් තෙමි නොතෙමී සීතලෙන් සිටි මා හට කුඩය දුටුවිට එය සහනහයක් විය. මාද දෙවරක් නොසිතා කුඩය යටට වීමි.වෙනත් දිනයකදි මෙසේ අරාධනාවක් ලැබුනේ නම් මා එය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබුනි.



මේ වන විට තදින්ම වැස්ස ඇද හැලෙමින් තිබූ නිසා මා හට වෙන විසඳුමක්ද නොවීය.ඔහුගේ කරුනාවන්තකමට ස්තූති කල මම හදිසියේම කඩා හැලුනූ මේ මහ වැස්ස දිහා බලාගෙන සිටියෙමි. මොහොතකින් මට හැගුනේ ඔහුද මා මෙන්ම වැස්ස දෙස බලා සිටින බවකි. හදිස්සියෙම වහින්න ගත්තා නේද.. මා ඔහුගෙන් ඇසුවෙමි. ඔහු කිසි දෙයක් නොකියා මා වෙත මඳ සිනාවක් පෑවේය. මා හට මෙම පුද්ගලයා ගැන කුතුහලය ටිකෙන් ටික වැඩි වන්නට විය. මෙම වීදියේ සැම දිනකම මම උදේ සවස ඇවිද ගිහින් තිබුනද කෙදිනකවත් ඔහුව දැක තිබුනේ නැත. කවුද මෙම අද්භූත මිනිසා.. එම සිතුවිල්ල මා සිතේ දෝංකාර දෙන්නට විය.

ඔහු හැද සිටි ලෝගුව සහ හිසේ පැලඳ සිටි රවුම් තොප්පිය ඔහුගේ ගුප්ත බව තවත් වැඩි කලේය. දිගින් දිගටම වැස්ස දෙස බලාගෙන සිටින අතරතුර විකාර සිතුවිලි ම සිතේ ඇති වන්නට විය. කිසිදු වචනයක් කතා නොකරන නන්නාදුනන ගුප්ත පුද්ගලයෙකු සමග මා තනි වී ඇති බව මට මතක් විනි. මොහු කවුද. මගෙ සිත දිගින් දිගටම අසන්නට විය.

කුඩා කල මගෙ අත්තම්මා මා හට පැවසූ කතාවක් මට මතක් විය. “ඒ කාලේ කතාවක් තිබුනා කුඩයක් අතැතිව එන අද්භූත පුද්ගලයෙක් ගැන. තදින් වහින දිනවල වැස්ස නිසා තදින් කනස්සල්ලට පත් උන වැස්සෙන් ආරක්ශා වෙන්න හිතන අය ගාවට එන පුද්ගලයෙක් හිටියා.”මගේ අත්තම්මා මට හැමදාම කිව්වා කවදාවත් එයා කතා කලොත් කුඩේ යටටනම් යන්න එපා කියලා. ඔයා වැරදිලාවත් ගියොත් ආයේ ගැලවිලා ඒමක් නම් නෑ.. එයාගෙ කුඩේ යටට වෙලා ඉන්න කොට ඔයාට සුවයක් සනීපයක් දැනෙන හින්දා ඔයාට යන්න හිතෙන එකක් නෑ. ඔයා එහෙම හිතාගෙන හිටියොත් ඔයාට එයාගෙන් ගැලවිලා එන්න හම්බෙන්නේ නම් නෑ. මොකද වැස්ස අඩු වෙන්නේ නෑ. තව තව වැඩි වෙනවා. ඒහෙම වෙන්නෙ ඔයාව එයා ලග තියාගන්න”ලමා වියේ දී බිය උවත් වයස යත්ම අත්තම්මා ඒ කියූ දේවල් කුඩා ලමුන් බිය ගැන්වීමට කියනා කතාවක් ලෙස ලේබල් කර සිතින් අයින් කලෙමි.

මම හෙතුවක් නැතිව ඇයි මේ බය වෙන්නෙ. ඔහුද මා වාගෙම මනුස්සයෙක්. මම මටම කියාගත්තෙමි.මේ වනවිට මට පහසුවක් සුවයක් දැනෙන්න විය. වැස්සෙන් තෙමී හෙම්බත් වී සිටි මට දැන් කිසිම අපහසුවක් නැත. උදේ ඉඳන් වැඩ කර මහන්සියෙන් පැමිනි මට දැන් කිසිම මහන්සියක් නැත. සීතලද මුලුමනින්ම පහව ගොසිනි. පරන දේවල් මතක් කරමින් සිටින අතරවාරේ මට එකවිටම අමුත්තක් දැනෙන්නනට විය. “මේ මොනවද වෙන්නේ” මම මටම කියාගත්තෙමි.වැහිබින්දු කුඩය මතට පතිත උවද කිසිදු ශබ්දයක් මට ඇසෙන්නේ නැත. මෙතුවක් වෙලා මට ඒ ගැන සිහියක් නැති හැටි. මම සිතුවෙමි. තදින්ම වැස්ස වැටෙන අතර මා හා ඔහු සිටින රවුමක් වැනි කොටස තුල කිසිදු ශබ්ධයක් හෝ නොවීය. මම ශබ්ධ නගා කතා කලෙමි. මා පවසන දේ දොංකාර දී මටම ඇසෙන්නට විය.වැස්ස තදින්ම ඇද හැලෙන්නට විය. වීදිය දෙපස කානු පිටාර ගලන තරමට වැස්ස වැඩි වී ඇත.



අත්තම්මා මට පැවසූ දෙයක් යලි සිහියට නැගෙන්නට විය. “ඔයා වැරදිලාවත් එයාගෙ කුඩේ යටට ගියොත් සිහිය හොඳට තියෙන වෙලාවෙම එයාගෙන් ඈතට දුවන්න. පුලුවන් තරම් ඈතට දුවන්න.එයා මොනව කලත් ඔයාව තියාගන්න, කොහොමහරි එයාගෙන් ඈතට යන්න, වැස්ස ගොඩක් වැඩි වෙන්න කලින්”වැස්ස එන්න එන්න ම වැඩි වන්නට විය. ඒ සමගම හමන හුලඟ වැහි බිංදු එක ඇලයකට ගසාගෙන යන්නට විය. පුදුමයකි මා සිටිනා කුඩය පොඩ්ඩක්වත් තෙමී නැත. වැස්ස වැටෙන්නෙ මා වටා වන අතර කුඩයට හෝ මට හෝ මා අසල සිටින ගුප්ත මිනිසාට වැස්සෙන් කිසි කරදරයක් නොමැත. මෙය විය හැකි දැයි දැඩි කුතුහලයකින් දෑස් පිසදමා නැවතත් වැස්ස දෙස බැලුවෙමි. මා හැඳ සිටි කබාය දෙස බැලුවෙමි, තද සුලං හැමුවද කිසිදු සෙලවීමක්වත් නැත. නැවතත් වැස්ස දෙස බලා සිටියෙමි.

මෙය වැස්සක් නොවෙ. මට එය දැනුනේ හරියට මිනිස්සුන්ගෙ කඳුලු වැස්සක් විදිහට වැටෙනවා වාගේය. මට මහා දුකක් පාලුවක් දැනෙන්නට විය.මට යන්න දෙනවා..මම බෙරිහන් දුන්නෙමි.”යන්න දෙන්න කොහෙද.” ඔහු කීවේය.ඔහු මා දෙස රවා බැලුවේය. ඔහුගේ මුහුන එන්න එන්නම විකෘති වන්නට විය. ඇස් අළු පැහැ ගැන්විය. එය මට හැගුනේ හරියට මාරයා මා ඉදිරියේ ඉන්නා විටක වාගේය. ඔහුගේ මුහුන එන්න එන්නම දික් වන්නට විය. මට මගේ පිට කොන්ද දිගේ විදුලියක් ගියා වැනි හැගීමක් ඇති විය. කන් පෙති සීතල වී ගොසිනි. බෙල්ල සහ නිකට වටේ සිහින් දාඩිය දැම්මේය. මේ අතර ඔහු අත වූ කුඩය ටිකෙන් ටික විශාල වන්නට විය. මගෙ පෙනීම ද අඳුරු වන්නට විය. මෙතුවක් වෙලා ඇද හැලුනු වැහි බින්ඳු සෙමින් රතු පාටට හැරෙන්නට විය. මට තවදුරටත් ඔහුගේ කුඩයෙන් පිටතට යන්නට උවමනාවක් නොවීය. රතුපාට වැහි බින්දු හරියට මිනිස් රුදිරය වැනිය. මොනවා.. මම මේ දකින්නේ ලේ ද. මම අත් දෙක ඔලුවෙ තබාගෙන බිම හිඳගත්තෙමි. ඇස් දෙක පියාගෙන මෙය සිහිනයක් වෙන්න යැයි ප්‍රාර්තනා කලෙමි. ඇස් ඇරින විට මා දුටුවෙ මගේ නෑදෑයින් මිතුරන් වැස්ස අතරින් මා දෙස බලා සිටින හැටිය. ඔවුන් ගෙ මුහුනුවල කිසිදු හැගීමක් නැත. හරියට මල මිනියක් වාගෙ සුදු මැලි වී ගිහින්ය.මොනවා..අත්තම්මා.. මම හය්යෙන් කෑ ගැසුවෙමි. මෙය කිසිසේත්ම වෙන්න බැරි දෙයකි. අත්තම්මා නැති වී දැනට අවුරුදු එකහමාරක් වීමට කිට්ටුයි. අත්තම්මා මගෙ කෑ ගැසීම අසා හැරී බැලුවාය. ලමයො ඉක්මනට දුවනවා.. අත්තම්මා මොනවද මුමුනන ගමන් හය්යෙන් කෑ ගෑසීය. මම මගේ ඇගේ තිබූ උපරිම ශක්තිය යොදා කුඩයෙන් එලියට පැන්නේ ඇද හැලෙන වැස්ස ගැනවත් දෙවරක් නොසිතාය. පසුපස හැරී නොබලා පුලුවන් තරම් ඈතට දිව්වෙමි. ඔහු පේන් තෙක් මානෙක නැත. ඉහලට ගත් හුස්ම හෙමින් පහතට හෙලුවෙමි.



එදින රෑ දෙවතාවක් සිහිනයෙන්ද බිය වී ඇහැරුනෙමි. මා දුටුවේ සිහිනයක් ද. එසේ විය නොහැකියි. එසේනම් කබායේ ලේ පැල්ලම් ඉතිරි වූයේ කෙසේද.?මට හමුවූ ඒ අද්භූත මිනිසා කවුද.? අත්තම්මා පැවසූ ආකාරයට කුඩයක් අතින්ගත් මිනිසාගෙ කතාව ඇත්තක්ද?

ඔන්න ඔයාලත් අඳුරන්නෙ නැති කෙනෙක් කුඩයක් අරන් ඇවිත් කතා කලොත් එහෙම යන්න එපා හොඳෙ.umbrella man වෙන්න පුලුවන්

Comments