
සියල්ල ආරම්භ උනේ කොතනින්ද?
අපි කවුද?
අපි මොනවද මෙහේ කරන්නේ?
අපි දකින දේවල් ඇත්තටම පවතිනවද ? නැත්තං මායාවක්ද?
යම් අවස්ථාවක මේ වගේ ප්‍රශ්න ඔයත් අහලා ඇති. “ගොං ප්‍රශ්න අහන්න එපා” “මෝඩ ප්‍රශ්න අහන්න එපා ලමයො” “උබට මොංගල්ද” “ඕවට උත්තර නෑ, හොයන්නත් බෑ” වගේ උත්තර ඔයාටත් ලැබෙන්න ඇති. ඒ නිසාම මේ ප්‍රශ්න වලට උත්තර නැතුව ඔයා යම් අවස්ථාවක ප්‍රශ්න අහන එක නවත්තන්නන් ඇති. සිතීමට කවුද සීමාවක් දැම්මේ ? . ගොං සහ ගොං නොවන කියලා දෙයක් නෑ. හැම ප්‍රශ්නයක්ම වැදගත්. හිතුවම පිස්සෙක් වෙනවනම් චින්තකයො දාර්ශනිකයෝ සියල්ලෝම පිස්සන් විය යුතුයි. අද අපි මේ ප්‍රශ්න යම් තාක් දුරට ගවේශනය කරමු. මේක කියවන ගමන් ඔයා මනසින් ගවේශනයක යෙදෙන්න. මේකෙන් කියවෙන කිසි දෙයක් පිලිගන්නත් එපා බැහැර කරන්නත් එපා. මධ්යස්ථ මනසකින් විමසන්න කියලා ආරාධනා කරනවා.
අපි අත්දකින මේ සියලු දේවල්, යථාර්ථය ආරම්භ උනේ කොතනින්ද? අපි මෙතනදි වර්ථමානය වනකොට ප්‍රධාන වශයෙන් කතාවෙන model 4ක් විමසමු.
01 විශ්වය මහා විදාරණයෙන් හටගත්තා. matter model (බොහෝ අය විශ්වාස කරන් ඉන්න model එක.. )
02 විශ්වය වෙනත් ජීවින් විශේශයක නිර්මාණයක් (simulation theory)
03 දෙවියන් විසින් මවන ලදි (theology)
04 විශ්වය හැමදාම පැවතුනා
01 ඔබ කාගෙන් හරි ඇහුවොත් හැමදේම පටන් ගත්තේ මොකකින්ද කියලා, සාමාන්‍යයෙන් ඔබට ලැබෙන පිලිතුර තමයි big bang එහෙම නැත්තං මහා විදාරණයෙන් කියලා.
ඊට කලින් මොකක්ද තිබුනෙ? singularity එක?ඒක කොහෙද තිබුනෙ? අවකාශය තුල කියලා ඔබට කියන්න බෑ, මොකද අවකාශය ඇති උනේ singularity එකෙන් පස්සෙ.. ඒත් singularity එකත් කොහේ හරි තිබ්බා කියලා පිලිගන්නවා? ඒ මොකක් තුලද? කාලයෙන් තොර අවකාශයෙන් තොර යම් දෙයක පැවැත්මක් විද්යාව විසින් පිලිගන්නවා? ඒ දෙය මොකක් විය හැකිද? i. big bang එක හටගත්තේ කලින් විශ්වයේ ඉතුරු උන සුන් බුන් වලින් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒ විශ්වය හටගත්තේ කොහොමද? ඊට කලින් එකෙන්? ඒක හටගත්තේ?? මේක infinite loop එකක් විදිහට යනවා. මුලින්ම හටගත්ත විශ්වය හටගත්තේ කොහොමද?

දුහුවිලි අංශු වලට පන තියෙනවද? ඔබ පිලිගන්නවා පන තියෙන බව, ජීවය ආරම්භ උනේ පෘතුවියේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියලා පිලිගැනීමෙන්. එසේනම් අපි මේ හිටගෙන ඉන්න මහ පොලොවට පන තියෙනව? අපි වගේ හිතක්, මනසක් තියෙනවා? මේ අපිව හදපු දුහුවිලි අංශු අපිට වඩා බලවත්, බුද්දිමත් වෙන්න ඕනේ.. එ නිසයි ඒ තුලින් අපි හටගත්තේ?? බොහෝම සංකීර්ණ ක්‍රියාවලි මිලියන ට්‍රිලියන ගානක් සිදුවෙන වෙන ශරීරය දුහුවිලි අංශු වලින් හටගත්තා? ඒ වගෙම කිසිම ස්වභාවයක් නොගන්නා අභෞතික මනස දුහුවිලි අංශු වලින් හටගත්තා?? මොකද ඔයා මේ model එක පිලි ගැනීමෙන් ඒ සියල්ල පිලිගන්නවා.
භෞතික දෙයක් වන පදාර්ථ තුලින් අභෞතික මනස හටගත්තෙ කොහොමද? first person experience එකක් (conciousness)ඇති කරන්නේ කොහොමද? (විද්‍යාවේ තාම පිළිතුරක් නැත.)මේ මොඩල් එක පිලිගන්න ඔයාගෙ presumption එක තමයි මේක.. යම් කිසි ද්‍රව්‍යයක් මගින් ද්‍රව්‍යයක්, හෝ භෞතික නොවන දෙයක් හටගැනීම. යම් කිසි දෙයක් වන object (පදාර්ථ) එකක් මගින් කිසිවක් නොවන pure subject (conciousness)එක ඇතිවීම. මේක විද්‍යාවෙන් තාම විසඳන්න බැරි උන ප්‍රශ්නයක්. (hard problem of conciousness.) කවදාවත් විසඳන්නත් බැරි ප්‍රශ්නයක්. මොකද ඔයාට object එකක් තුලින් qualityless pure subject එක (conciousness) හොයාගන්න බෑ. ඔයාට මොනවා කරත් හොයන්න පුලුවන් වෙන්නේ conciousness එක තුල ඇති වෙන objects විතරයි. we cant perceive conciousness as a object. if conciousness can perceivable, then who or what will perceive that? and also it becomes a object to conciousness.සියල්ල මොලය තුලින් ඉපදුනා නම්, මොලය භෞතිකයි නම්, අභෞතික සිතුවිලි මොලය තුලින් හටගත්තේ කොහොමද? මොලයට මෙච්චර බුද්දියක් හම්බුනේ කොහොමද?මොලය හටගත්තේ භෞතික ක්‍රියාවලියකින් නම් ඒ භෞතික ක්‍රියාවලිය පලමුව හටගත්තේ මොකක් තුලින්ද?

සියලු භෞතික ක්‍රියාවලීන් වල ආරම්භය මොකක්ද? ඔබේ ශරීරයේ ජීව ක්‍රියාවලි, රසායනික ක්‍රියාවලි කොපමන සංඛ්යාවක් මේ මොහොතේ සිදුවෙනවද? එයින් කීයක් ඔබ විසින් පාලනය කරනවද? ඔබේ හුස්ම ඔබ විසින් පාලනය කරනවද? ඔබේ සිතුවිලි ඔබ විසින් පාලනය කරනවද? එහෙමනම් විනාඩි 5ක් කිසි දෙයක් නොසිතා ඉන්න පුලුවන්ද? සිතුවිලි විසින් ඔබේ ක්‍රියාවන් පාලනය කරන බවට ඔබ එකඟද? එකඟ නැත්තං බලන්න.. සෑම ක්‍රියාවක්ම පලමුව සිතුවිල්ලක් ලෙස මනසේ හටගන්නවා.. ඔබ ඔබේ අත ඉහලට ඔසවන්න කලින් හොඳින් ඔබේ මනසට අවදානය යොමු කලොත් ඔබට දැකගන්න පුලුවන් notice කරන්න තරම්වත් කාලයක් නැති සිතුවිල්ලක් ක්ශනයකින් ඇතිවී නැතිවෙන බව. ඔබේ ක්‍රියාවන් සියල්ල පාලනය වෙන්නේ සිතුවිලි වලින්, ඒත් ඔබ දන්නේ නෑ ඒවා හටගන්නේ කොහෙන්ද, නැවත නැතිවෙන්නේ කොහෙටද කියල? සියල්ල භෞතිකයි නම් අභෞතික මනස භෞතික වස්තුවකින් හටගත්තේ කොහොමද? භෞතික වස්තුවක් කොටස් වලට වෙන් කරගෙන යනකොට අවසානයේ අපිට හම්බවෙන දේට අපි කියනවා අංශුව කියලා.. ඒ අංශුව හටගත්තේ මොකක් තුලින්ද? එතනින් පස්සේ මොකක්ද තියෙන්නේ.. මොකක්ද rock bottom එක.? (පදාර්ථයේ හටගැනීම ගැන වෙනම කතාකරන්න ඕනේ. මොකද අපි කිසි කෙනෙක් ඒක අත්දැකලා නැති නිසා. පොස්ට් එක දිග වැඩි නිසා වෙන ලිපියකින් ඒක ලියන්නං)
i. ඒක කිසිවකින් හටගත්තේ නෑ කියන්න පුලුවන්. ඒත් ප්‍රශ්නේ වෙන්නේ හටගන්න හේතුවුන කිසිවක් නැත්තං හටගත්ත දේ පවතින්න විදිහකුත් නෑ. ඔබ මෙතනදි කරන්නේ හේතුව අයින් කරලා ඵලය විතරක් පිලිගන්නවා. ඒත් හේතුව නැතුව ඵලයක් ඇති වෙන්න බෑ.
ii. හැමදාම පැවතුනා කියන්න පුලුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම කියපු ගමන්ම ඒකෙන් ඔයා කාලය ආරූඪ කරනවා. විද්‍යාවෙන් කියන විදිහට කාලය සහ අවකාශය හටගත්තේ big bang එකෙන් නම්, හැමදාම පැතුනා කියන්න බෑ. මොකද කාලය හැමදාම පැවතිලා නෑ. ඒක හටගෙන තියෙන්නෙ big bang එකෙන් නම්.මොකක් මගින්ද සියල්ල ඇති උනේ?? ඒ දේ මොකක් උනත්, ඔබ,මම මේ සියල්ල හටගත්තේ ඒ දෙයින් විය යුතුයි.

02. පුද්ගලයෙක් විසින් මැව්වා කියන්න පුලුවන්.
ඔහුව මැව්වෙ කවුද ? හෝ ඔහු හටගත්තේ කොහොමද? i. ඔහු හටගත්තේ නෑ හැමදාම හිටියා කියන්න පුලුවන්. ඒත් හැමදාම කියද්දි ආයේ කාලය ආරූඪ වෙනවා. කාලය ආරම්භ වෙන්න කලින් ඔහු කොහෙද හිටියෙ? මොකද ඔහු විසිනුයි කාලයත් create කරන්න ඕනේ මේ තියරියට අනුව.ii. විශ්වය මවන්න කලින් ඔහු හිටියේ කොහෙද? වෙන විශ්වයක? ඒක create කරන්න කලින් ඔහු කොහෙද හිටියෙ? ඊට කලින් එකේ? ආයෙත් මේක infinite loop එකකට ඇද වැටෙනවා. කිසිම දෙයක් create කරන්න කලින් ඔහු හිටියේ කොහෙද? again මේ ප්‍රශ්නෙත් bing bang එකේ ප්‍රස්ශ්නෙටම යනවා.. මොකක්ද සියල්ලට ප්‍රථම පැවතුනේ කියන ප්‍රශ්නේ..මේකේ අනිත් paradox එක, දෙවියන්ව පුද්ගලයෙක්ට ආරූඪ කිරීම මගින් ඔබ ඔහුව සීමාවකට කොටු කරනවා.. කොහොමද ? දෙවියන් යම්කිසි form එකකට කොටු වෙලා. දෙවියන් finite වෙලා.. එකෙන් කියන්නේ ඇයි ඔහු එක form එහෙකට සීමා උනේ.. ඔහු එක form එහෙකට සීමා වෙලා නම් ඔහු අසීමිත වෙන්න බෑ.. infinite වෙන්න බෑ. ඔහු infinite වෙන්න බැරි නම් ඔහු දෙවියන් වෙන්න බෑ.. මොකද form එකක් කියන්නෙම යම් සීමාවකට කොටු උන දෙයක්. infinite form එකක් ගැන හිතන්න පුලුවන්ද? බෑ. form එකක් කියන්නෙම finite දෙයක්. එහෙම උනොත් දෙවියන් යම් කිසි බලයක් තියෙන තවත් එක ජීවියෙක් පමනක් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔබ දෙවියන්ට යම්කිසි quality එකක් ආරූඪ කරලා කියලා.. එහෙම කරපු ගමන් ඔහු සර්වබලධාරී නෙමෙයි වෙනවා. උදාහරණ :- clay ගුලියක් ගැන හිතන්න.. ඒ ක්ලේ ගුලිය සියලුම රූප ඇඹීමේ ගුනයෙන් යුක්ත වෙන්න ඕනේ, සියල්ල හදන්න නම්. ඒ වගේ දෙවියන් සියලුම quality වලින් තොර වෙන්න ඕනේ ඔහුට හැමදේම create කරන්න නම්. ඒ clay ගුලියෙන් ඔයා දැනටමත් form එකක් හදලා නම් ඔයා දැනටමත් එක quality එකක් ප්‍රතිරූපයක් ඒකට ඇඩ් කරලා. දෙවියන් එක රූපෙකට එක පාටකට එක ස්වරූපෙකට කොටු වෙන්න බෑ. එක පාටකට කොටු උනොත්, උදාහරණෙකට දෙවියන් නිල් පාටට කොටු උනොත් ඔහු විසින් හදන හැමදේම නිල්පාටින් හැදෙන්නේ.. ඒක හරියට පාට කන්නඩියක් දාගෙන ලෝකෙ දිහා බලනවා වගේ. අපි දකින හැමදේම ඒ පාටින් පේන්නේ.. ඒ නිසා එය සියලු ගුනයන් ඇතුලත් විය යුතු වගේම, ගුනයන්ගෙන් තොර විය යුතුයි, (quality less) එ නිසාම එය එක් ගුනයකට form එකකට කොටු නොවිය යුතුයි. (මේ මාතෘකාව දිග නිසා මෙතනින් නවත්තනවා. නැත්තං පෝස්ට් එක දික් වෙනවා.)එ නිසා දෙවියන් යම් ස්වරූපයකින් පවතින්න බෑ.

03. simulation තියරියෙන් කියන්නේ මිනිසුන්, යම් කිසි ජීවී විශේශයකින් හදපු කෘතීම නිර්මාණයක් කියල නේ..
ඒ ජීවීන් ව නිර්මාණය කලේ කවුද? again මේකත් infinite loop එහෙකට යනවා. මුල්ම simulation එක හෝ ජීවී වර්ගය හටගත්තේ කොහොමද? මොකකින්ද? මොකක් මුල් කරගෙනද? වෙනත් තලයකින් හෝ වෙනත් ලෝකයකින් ආවා කිව්වමත් අර loop එකටම වැටෙනවා. මුල්ම ජීවීයා හෝ තලය ඇති උනේ කොහොමද කියන එක
04. හැමදාම පැවතුනා කියන්න පුලුවන්.
ඒත් එතනදි කාලය එකතු කරගන්නවා මේ model එක explain කරන්න.. කාලය ආරම්භ වෙන්න කලින් මොකක්ද පැවතුනේ? හෝ අවකාශය ආරම්භ වෙන්න කලින්..
i. කෙනෙක්ට කියන්න පුලුවන් කාලය ආරම්භ උනේ නෑ හැමදාම පැවතුනා කියලා.. මෙතනදි ඔයාම ඔයා මුලින් කිව්ව fact එක contradict කරනවා. කාලය ආරම්භ උනේ නෑ, “හැමදාම” කියලා කිව්ව ගමන් ම ආයෙත් කාලය ඇදලා ගන්නවා. හැමදාම කියන්නෙම කාලය නේ. හරි අපි දැනට හිතමු කාලය හැමදාම තිබුනා කියලා, එහෙනම් ඒක කාලය නෙමේ. සදාකාලය. කාලයක් නෑ. ඒකෙන් අදහස් වෙන්නේ අතීතයක් හෝ අනාගතයක් නෑ, වර්ථමානය විතරයි තියෙන්නෙ කියන එක. මොකද අතීතය සහා අනාගතයෙන් තොරව කාලයක් පවතින්න බෑ.
ii. හැමදාම පැවතුනේ මොකක් තුලද? මොකක් මතද? අපි දන්නවා යම් කිසි දෙයක් පවතින්න නම් basement එකක් ඕනේ. ගෙයක් පොලව මත පවතිනව වගේ, පුටුවක් කාමරය තුල වූ අවකාශයේ පවතිනවා වගේ, image එකක් screen එක මත පවතිනවා වගේ.. ඒත් අවකාශය මොකක් තුලද පවතින්නේ? කාලය මොකක් තුලද පවතින්නෙ?? (කාලය ගැන තව විස්තර දැනගන්න ඕන නම් කලින් ලියපු ලිපිය බලන්න.. )අපි කියනවනම් ඒක කිසි දෙයක් තුල පවතින්නේ නෑ කියලා, අපි කියනවා basement එකක් rock bottom එකක් නැතුව හැමදේම පවතිනවා කියලා. හරියට image එකක් පවතිනවා screen එකක් නැතුව, පුටුවක් පවතිනවා අවකාශයක් නැතුව, ගෙයක් පවතිනවා පොලවක් නැතුව වගේ.. fundamental reality එකක් තියෙන්න ඕනි ඇයි කියලා තේරෙනවද?
මොකක්ද මම එතකොට කියන්න හදන්නේ ? මොකක්ද ඇත්තටම පවතින්නේ.. ? fundamental reality එක තමයි infinite intelligence එක. quality less, formless, pure existence. හැමදේම හටගන්න සහා නැතිවෙන එකම එක විශ්ව ඥානය. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඒ ඔබමයි. ඔබේ සැබෑ ස්වරුපය තමයි එය. (සැ.යු. ඔබ, ඔබ යනුවෙන් හිතන් ඉන්න පුද්ගල ස්වරූපය ගැන නෙමෙයි මෙතන සදහන් කරන්නේ.)

ඔබ හීනයක් දකිනවා කියලා උපකල්පන කරමු, හීනෙ ඇතුලේ ඉන්න ඔබ දකින්නේ ඔබේම මනසින් නිර්මාණය උන යථාර්ථයක් නෙමෙයිද? හීනේ ඇතුලෙදි, ඔබ අවදි අවස්තාවෙදි දකින සියලුම දේවල් දකින්නෙ නැද්ද? ඔබ දකිනවා වාහන, මිනිස්සු, මහ මාර්ග, ශාක, තව ඔබ වේදනාව, සතුට, දුක, අත්විඳිනවා. ඔබ සිහිනය තුලදි මොලය මගින් මේ හීනය නිපදනවා කියලා විශ්වාස කරන් ඉන්නවා. ඒත් අවදි උනාම ඒ ඔබ දැකපු වාහන, මාර්ග, ශාක, සතුන් සහ ඔබ අත්විඳපු දුක, සතුට, සහ මොලයත් ඇතුළුව සියල්ල ඔබගෙ මනසෙම imagination එකක් නෙමෙයිද? ඔබ කේන්ති අරන් තියෙන්නේ ඔබේම මනසත් සමග නෙමෙයිද? සිහිනය තුලදි ඔබ වෙන කෙනෙක් සමග විවාහ උනා නම්, ඒත් ඔබම නොවෙද? ඔබ තරහ උනේ, දුක් උනේ, සතුටු උනේ, විනාශ කරන්න, නඩත්තු කරන්න උත්සහා කලේ ඔබේම මනස විසින් ගොඩනගන ලද මායාව නොවේද? ඔබ සිහිනය දකිනකෙට ඒ කිසි දෙයක් දන්නෙ නෑ. අවදි උනාම නේද දන්නේ.. මේ අත්විඳින්නෙත් හීනයක් කියලා දැනගන්න නම් අවදි වෙන්න අවශ්යයි නේද මේකෙන්.??
මේක මගේ හිතළුවක්ද?
01 මාහායාන දහමේ ධර්මකාය කියන්නේ මේකට
02 zen වල ශුන්‍යය හෝ void කියන්නේ මෙන්න මේකට.
03 හින්දු දහමේ පරමාත්මාන්, නිර්ගුණ බ්‍රහ්මන්, සමහර අය ශිව කියන්නේ මේකට.
04 කිතු දහමේ දෙවියන් ලෙස හඳුන්වන්නේ මේකට.
(වර්ථමානය වන විට පවතින කිතු දහමේ නෙමෙයි.)
සමහරෙක්ට කියන්න පුලුවන් මම ආගම් සියල්ල එකතු කරන්න උත්සහා කරනවා කියලා. නැ. ආගම් වල පසුකාලීන වෙනස් වීම් ගොඩක් වෙලා තියෙනවා. ඒත් මුලින්ම එය දේශනා කරද්දි එකම දෙයක් ගැන තමයි කියලා තියෙන්නේ. අනිත් කාරණය තමයි, ultimate reality දෙකක් තියෙන්න බෑ. ඒක හරියට අවකාශ දෙකක් තියෙනවා කියන්නා වගේ.ultimate reality දෙකක් තියෙනව නම් ඒ දෙකම පවතින meta reality එකක් තියෙන්න ඕන, ඒ දෙකම ඇතුලත් වෙන්න. එතකොට ඒ meta reality එක ultimate reality එක හෝ fundemental reality එක වෙනවා. ultimate reality දෙකක් තියෙන්න බෑ. දෙකක් උන ගමන් පලවෙනි එක ultimate වෙන්නේ නෑ. ඒක infinite වෙන්නේ නැ, finite වෙනවා. ඒ නිසා එක ආගමකින් කියන දේ පරම සත්ය වෙලා අනික් එව බොරු වෙන්න බෑ. එකම ultimate reality එක point කරන එක එක මාර්ග වෙන්න පුලුවන්.(මේ topic එක වෙනම ලිපියකින් ලියන්නම්. )
අපි දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල බිමින් තියලා, නිදහසේ හිතන්න පුරුදු වෙන්න ඕනේ.. නැත්තං අපිට කිසිම දේක සත්ය ස්වරූපය දකින්න වෙන්නෙ නෑ. එක point of view එකක් විතරයි දකින්න වෙන්නේ.. එක දර්ශනයකට කොටු උනොත් අපි ලෝකේ දකින්නේ ඒ point of view එකෙන් විතරයි. හැම දර්ශනයක්ම අද්යනයනය කරන්න. ඒ නිසා සියල්ලෙන් මිදිලා නිදහස් මනසින් ලෝකෙ දකින්න කියලා ආරාධනා කරනවා.ආගම් වලට දර්ශනය වලට කොටු නොවූ නිදහස් චින්තකයන් බිහිකිරීමට දැරූ උත්සහයක් පමණයි. මේ වගෙ mind bending topics පිලිබඳ ලිපි කියවන්න, කැමති අය අපේ වෙබ් පිටුවට එකතු වෙන්න
Comments
Post a Comment