
.කාලය ගලනවා කියලා ඔයා දන්නේ කොහොමද? කාලය කියන්නේ අතීතය සහා අනාගතය. අතීතය සහා අනාගතයෙන් තොර කාලයක් පවතින්න බෑ නේද??
ඉතින් දැං අතීත සිදුවීමක් මතක් කරන්නකෝ..
දැං කොහෙද ඒක තියෙන්නේ??
මනසේ සිතුවිල්ලක් විදිහට එහෙම නේද??
එහෙනන් අතීතය කියලා පවතින දෙයක් තියෙනවද?, සිතුවිල්ලක් විදිහට මනසේ තියෙනවා. අනාගතය ගැන හිතුවමත් එහෙමයි. දැං මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අතීතය හෝ කාලය නෑ කිව්වම ගොඩක් අය හිතන්න ගන්නවා එහෙනන් කලින් සිද්ද උන කිසි දෙයක් නෑ කියලා.. ඒක නෙමේ මේකෙන් අදහස් වෙන්නේ.. සිදුවීම ඇත්ත.. ඒත් කාලය තුල සිදුවෙනවා කියන එක තමයි මායාව.
හරි.. මේක මෙහෙම කිව්වට තේරුම් ගන්න ටිකක් අපහසුයි. මේ ප්‍රශ්න ඔයගෙන්ම අහන්න,

01. මම කවදාහරි අතීතය අත්විඳලා තියෙද?
02 මම අනගතය, අත්විදලා තියෙනවද ?
මම අහන්නේ යම්ත සිදුවීමක් හෝ නෙමේ.. මම අහන්නේ කාලය අත්විදලා තියේද? එහෙනම් මොකක්ද ඔයාගේ අත්දැකීම කාලය සම්බන්ද?
හුගක් වෙලාවට ඔයා කාලය කියල හදුන්වන්නේ ඔයාගේ ශරීරයේ වෙනස් වීම්, ඔය අත්විදපු සිදුවීම්, ඒ කාලය නෙමෙයි. ඒ සිදුවීම්. මම අහන්නේ ඔයා අත්වින්දා කියල හිතන් ඉන්න කාලය ගැන. ඒ අත්දැකීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද??
ඔයාගේ අතීත සිදුවීම් සහ වෙනස් වීම් තියෙන්නේත් වර්තමානය තුල සිතුවිල්ලක් විදිහට. ඔයා ඔය අතීතය කියලා කියන්නෙත් වර්තමානය ඒක සිදුවෙනවකොට..
ඔයා ඩ්‍රීම් එකක් දකිනකොට දන්නවද මේ ඩ්‍රීම් එකක් කියල? නෑ.. හැමදාම ඔයා නින්දට යනවා, ඒත් හැමදාම ඔයා රැවටෙනවා. අදත් ඔයා රැවටෙනවා. (lucid dreaming වගේ දෙයක් පුරුදු කරලා නැත්තං.) කොච්චර හිතාගත්තත් අදනම් මම රැවටෙන්නෙ නෑ කියලා, අදත් රෑට නින්දට වැටුනාම ඔයා රැවටෙනවා. ඔයා අවදි වෙනකන් දන්නේ නෑ ඔයා ඉන්නේ හීනෙක කියලා. සමහරවිට හීනේ ඇතුලේ ඉන්න කෙනෙක් කිව්වත් ඔයා පිලිගන්න සූදානම් නෑ. උදේට ඇහැරුනාම තමයි දන්නේ දැක්කේ හීනයක් කියලා. ඉතින් ඔය කොහොමද හරියටම දන්නේ මේ අපි අත්විඳින ලෝකෙත් හීනයක් නෙමෙයි කියල? අපි හොඳටම රැවටුන? ඇත්තම වගේ දැනෙන? ඔයාට මේ ලෝකේ ඇරෙන්න වෙන දෙයක් වෙන ලෝකයක් අත්විඳලා නෑ මේක එක්ක සසඳලා මේක හීනයක් කියලා දැනගන්න. ඔයා ඉපදුන දවසෙ ඉදන් අත්දැකලා තියෙන්නේ මේ ලෝකේ විතරයි. එහෙනම් කොහොමද ඔයා හරියටම කියන්නේ මේක විතරයි තියෙන්නෙ කියල?මෙහෙම හිතන්න. ඔයා ඩ්‍රීම් එකක් දකිනවා. ඩ්‍රීම් එක ඇතුලේ ඔයා අවුරුදු 70ක් ජීවත් වෙනවා.. ඒ කාලේ ඇතුලත ගොඩාක් දේවල් කරනවා… උදේට ඇහැරුන ගමන් මේ දැක්කේ ඔක්කොම හීනයක් කියලා දැනගත්තම මොකද හිතෙන්නේ..
එ වගෙම හීනෙ ඇතුලේ ඉන්නකොට අවුරුදු 70ක් වගේ දැනුනට ඇහැරුනාම බලද්දි පැය ගානයි නෙද ගිහින් තියෙන්නේ..මේකත් ඒ වගෙම ඩ්‍රීම් එකක් වෙන්න පුලුවන්.. ඒත් ඇත්තටම මෙතනදි පැයගානක් වත් ගිහින් නෑ… මේක ඇතුලේ science අනං මනං ඔක්කොම තියෙනවා.. මේ ඩ්‍රීම් එක විස්තර කරගන්න. ඒත් මේකෙන් ඇහැරුනාම, හරියට උදේට ඇහැරුනාම වගේ ඔයා හීනෙදි scientist කෙනෙක් වෙලා හීනෙ ගැන හෙව්ව ඒවයින් කිසිම වැඩක් තියෙද?
අනාගතයේ බොරුව
ගොඩක් අය හිතනවා අතීතෙට යන්න බෑ, ඒත් අනාගතයට ගියාට ප්‍රශ්නයක් නෑනේ කියලා.. අනාගතයට යන්න පුලුවන් කියලා. එහෙම කියන එකෙන් ඔයා දැනටමත් හිතන් ඉන්නවා අනාගතය කියලා එකක් තියෙනවා කියල.. කොහේ හරි තැනක.. කොහෙද ඒක තියෙන්නේ ? අහසේ ? පොලවෙ? අවකාශයෙ? හරි, අපි හිතමු අනාගතය කියලා එකක් තියෙනවා කියලා.. එහෙනන් අපි පිලිගන්න ඕන මත දෙකක් තියෙනවා.. එකක් තමයි අනාගතය කියන්නේ දැනටමත් සිදුවෙලා ඉවරයි, අපි ඒ line of time එක දිගේ ඉස්සරහට move වෙනවා කියලා. එහෙම නැත්තං ඔයාට සිද්දවෙනවා අනාගතය කියලා එකක් නෑ කියලා පිලිගන්න. මෙතන ලොකු ප්‍රශ්න 2ක් තියෙනවා. අනාගතය දැනටමත් සිදුවෙලා ඉවර නම් ඒක අතීතය වෙනවා.. එහෙමත් නැතුව අනාගතය සිදුවෙලා ඉවර නම් ඒක අත්විඳලා ඉවර උන කෙනෙක් ඉන්න ඕන. ඒ කිව්වේ ඔයා අනාගතය අත්විඳලා ඉවර වෙන්න ඕන දැනටමත්. නැත්තං අනාගතයට පැවැත්මක් නෑ.. 02නි එක, අනාගතය දැං සිදුවෙනවා කියන්න පුලුවන් කෙනෙක්ට. එහෙමනම් ඒක අනාගතය නෙමේ දැං, ඒ කිව්වේ මේ මොහොත.. මම මේකට කියන්නේ අනාගතයේ බොරුව කියල.
අතීතයේ බොරුව
අතීතයට යන්න නම් අතීතය ඇත්තටම පවතින්න ඕන. අතීතය පවතින්නේ කොහෙද? අවකාශයේ? පොලවෙ? අහසේ? යම් දෙයකට පැවැත්මක් තියෙන්න නම් ඒක පවතින නිශ්චිත තැනක් තියෙන්න ඕන. හිතමු ඔයා කාල යන්ත්‍රයක් හැදුවා කියලා අතීතෙට යන්න.. ඔයා ඒකෙන් කොහෙටද යන්නේ අවකාශෙට? හරි, අපි හිතමු ඇත්තටම අතීතය කියලා එකක් පවතිනවා කියලා. එහෙමනම් අතීතය දැං පවතින්න ඕන. ඒ කිව්වේ මේ මොහොත තුල. එතකොට අතීතය මේ මොහොත තුල පවතිනවා නම් ඒකට අතීතය කියන්න බෑ. ඒක මේ මොහොත වෙනවා.. අතීතය මේ මොහොත තුල පවතින්නේ නැත්තං ඔයාට ඒ ගැන දැනගන්න විදිහකුත් නෑ ට්‍රැවල් කරන්න විදිහකුත් නෑ.

එතකොට ඇත්තටම කාලයක් නැද්ද
එතකොට ඔයාට ප්‍රශ්නයක් එනවා, මම වයසට යනවා, දේවල් වෙනස් වෙනවා.. ඒකට මොකද කියන්නේ කියලා. ඔව් දේවල් වෙනස් වෙනවා. ඒත් ඔයා කාලය අත්විඳලා තියෙනවද? කාලය තුල දේවල් වෙනස් වෙනවා අත්විඳලා තියෙද? එහෙම නැත්තං දේවල් වල වෙනස් වීම විස්තර කරගන්න ඔයා කාලය කියලා concept එකක් ඇඩ් කරගත්තද? බලන්න, මම මෙතනදි ඔයාට කියන්නෙ නෑ කිසිවක් නෑ, හෝ, තියෙනවා කියලා. ඒක තීරණය කරන එක ඔයා සතුයි. ඔයා කැමතිනම් කාලය නෑ කියන්නත්, තියෙනවා කියන්නත් ඔයාට නිදහස තියෙනවා. ඒත් ඔයා පිලිගන්න දේවල් ප්‍රශ්න නොකර ඉන්නකල් ඔයා එකම තැන. දේවල් වල වෙනස්වීමකින් තොරව ඔයා කාලය කියලා එකක් අත්විඳලා තියෙද? එහෙම නැත්තං ඇයි ඒක පිලිගන්නේ?සිතුවිලි වලින් තොරව ඔයා කාලය අත්විඳලා තියෙද? මේ මොහොත තුල සංවේදන විතරයි ඔයා අත්විඳලා තියෙන්නෙ. මෙ වගෙ topic කතාකරන්න කැමති අය අපිත් සමග එකතු වෙන්න ඔයාලට ප්‍රශ්න ඇති. පහලින් කමෙන්ට් කරන්න.
Comments
Post a Comment