
ඔළුව අවුල් කරගන්න කමැතිද ටිකක්?.
එහෙනම් කියවන්න. මේක ඔයා කවදාවත් අහපු නැති කවුරුත් කියපු නැති දෙයක්..ඔයා පොඩිකාලේ ඉඳන් හිතන් ඉන්නවනේ අහස නිල්පාටයි කියලා.. ඒත්ඇත්තටම අහස නිල්පාටද?ඔයා මේක කියවන්න කලින් කිය්න්න ඔනා ඔයා පිලිගන්න හැමදේම පැත්තකින් තියලා එන්න. නැත්තන් ඔයාට් මේක දිරවන එකක් නෑ. ඔය හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන් මේක හරියට කියවලා තේරුම් ගත්තොත්.
> මොකක්ද රාමුව ?
ඔයා රාමුවෙන් පිට හිතන කෙනෙක්ද? එහෙම නැත්තන් එහෙම කෙනෙක් වෙන්න ඕනිද? මුලින්ම මම කියන්නන් මොකක්ද මේ රාමුව කියලා. හැම මනුස්සයෙක්ටම තියෙනවා තමන්ම හදාගත්තු රාමුවක්. පාට කන්නාඩියක්. මිනිස්සු කරන්නේ ඔන්න ඕක දාගෙන ලෝකෙ දිහා බලන එක. ඔය රාමුව හැදෙන්නේ තමන් පිලිගන්න දේවල්, අදහන දේවල්.. තමන් බොරුයි කියලා හිතන දේවල්, කරන්න බෑ වෙන්න බෑ කියලා හිතන දේවල් එකතු වෙලා. එහෙම බලලා අනික් මිනිස්සුන්ට බනිනවා ගරහනවා. තමන් පිලිගන්න දේ හරී කියලා පෙන්නන්න හැමදේම කරනවා. ඒත් කවදාවත් ඔයා ඔයාගෙන්ම අහලා තියෙද මං පිලිගන්න දේවලුත් වැරදි වෙන්න පුලුවන් නේද කියලා? කීයෙන් කී දෙනාද මේක කරලා තියෙන්නේ.. මං කියන්නේ මං පිලිගන්න මෙන්න මේ දේ නම් පරම සත්ය ඒත් අනික් එවා වැරදි වෙන්න පුලුවන් කියන එක නෙමේ.. ඔයා පරම සත්ය කියලා හිතන් ඉන්න දේවලුත් ප්‍රශ්න කරලා තියේද? ඒවත් වරදින්න පුලුවන් නේද කියලා නිකමටවත් හිතලා නැද්ද? ඇයි ඔයා එහෙම හිතන් නැත්තේ මොකද ඔයා රාමුවකට කොටුවෙලා නිසා.. ඔයාට එතනින් එහාට හිතන්න තහනම්. එහෙම හිතන එක සමාජවිරෝධී, ආගම් වලට හෝ ඔයා පිලිගන්න දේවල් වලට පටහැනි..
> විශ්වාසය සහ ප්‍රත්‍යක්ෂය
ඔයා ඔය පිලිගන්න දෙවල් පිලිගන්නේ වෙන කවුරුහරි කියපු දේවල්ද? එහෙම නැත්තන් පොතක තිබුන නිසාද?? එහෙම නැත්තන් ඔයා වගේ හිතන අනික් අයත් ඉන්න නිසාද? ඒත් ඔයා දන්නව හිට්ලර්ටත් අනුගාමිකයෝ ඕනතරම් හිටියා කියලා. ඔයා ඔය පිලිගන්න දේවල් වලින් කීයක් විතර ඔයා ප්‍රත්‍යක්ශ කරලා තියෙනවද? මං අහන්නේ විද්‍යාත්මක සාක්ෂි නෙමේ.. එවත් වෙන කවුරුහරි කරපු පරීක්ෂණනේ. ඔයා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන පිලිගන්න දේවල් කීයක් විතර තියෙනවද? මේ ප්‍රශ්න ටික ඔයාගෙන්ම අහගෙන බලන්න. අන්තිමට අහන්න ඇයි මං පිලිගන්න එවා වරදින්න බැරිද කියලා.
අවාසනාවකට ලංකාවේ වගේ රටක OPEN MINDDEDNESS කියන්නෙ මොකක්ද කියලවත් ගොඩක් අය දන් නෑ.
ඔයා හරී කියලා පෙන්නන්න ඔයා ඕනි තරම් තර්ක කරයි. අනික් පුද්ගලයත් එහෙමයි. තමන්ගේ මතය පැත්තකින් තිය්ල කවුද හරි කියල කවදාවත් හිතලා බැලුවද්? එහෙම තර්ක කරනකොට ඔයා කවදාවත් අනික් පර්ශවය ගැන හිතලා බලලා තියෙද? එහෙම නැත්තන් ඔයාට ගොඩක් දෙවල් මගහැරිලා තියෙනවා කියලා පිලිගන්න. ඔයා පිලිගන්න දේ වෙනුවෙන් ඔයා සටන් කරනවා එයා පිලිගන්න දේ වෙනුවෙන් එයා සටන් කරනවා.. කවදහරි එයාගෙ තැන ඉඳන් හිතලා බලලා තියෙද? එහෙම නැත්තන් දෙන්නම වැරදි වෙන්න පුලුවන් කියල? දෙන්නම නිවැරදි වෙන්න පුලුවන් කියලා?

> CLOSED MINDEDNESS – සංවෘත මනස
ගොඩක් අයට මේක කියවන්න බැ.. ඇයි දැනටමත් ඔළුව ඇතුලේ ඉඳන් එකෙක් කියනවා ඕක කියවන්න එපා මූටත් හොඳට දෙකක් කියලා කියවන එක නවත්තපන් කියලා.. ඔන්න ඕක තමයි ඔයාගේ ලිමිට් එක. ඔයා Closed Minded කියලා අඳුරගන්න පුළුවන් ඔය වගේ අදහස් ඔළුවට එනවනන්. ඔකට කියන්නේ EGO එක කියලා.. තමන් පිලිගන්න දේකට පහරවදිනවනම් EGO එකට ඒක ඉවසන් ඉන්න බෑ. මොකද EGO එක SURVIVE වෙන්න ඕනේ හින්ද. දැං ඔයාට කියන්න පුලුවන් අන්න අර දේ නම් මං ප්‍රත්‍යක්ෂ කරගෙන පිලිගන්නේ.. කියලා. නැ ඒත් එහෙම නෑ. එහෙමනම් ඔයාට මොනවද දැනුනේ.. ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් පොතක තිබ්බ දෙයක් වෙන්න බෑ කවුරුහරි කිව්ව දෙයක් වෙන්න බෑ ඔයාගෙ සිතුවිල්ලක් හෝ අදහසක් වෙන්න බෑ.. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ ඔයාටම ඒක දැනෙන්න ඕන.. ඔය විසින්ම අවබෝධ කරගන්න ඕනේ..
> රාමුව බිඳගන්න
ඔයා දැං හිතන්න ඕන මට මේක දැනිලා ද මං පිලිගන්නේ එහෙම නැත්තං දැනුනා කියලා හිතුන හින්දද මම පිලිගන්නේ කියල.. එහෙම නැත්තන් ඒක තවත් Belief එකක් විතරයි.ඕකට හොඳ උදාහරණයක් දෙන්නං..ඔයා පොඩිකාලේ ඉඳන් හිතන් ඉන්නවනේ අහස නිල්පාටයි කියලා.. ඒත්ඇත්තටම අහස නිල්පාටද? නිල්පාටයි කියලා ඔයා කියනවනන් කියන්න.. අහස නිල්පාටයි කියලා ඔයා පිලිගන්නේ ඔයාට කවුරුහරි කිව්ව හින්දද?? ඔයා දැක්ක හින්දද? මම කිව්වොත් අහස නිල්පාට නෙමෙයි වෙන්නත් පුලුවන් කියලා ඔයා පිලිගන්නවද? නෑ.. ඔයා කියයි, මං දැකලා තියෙයි යකො අහස නිල්පාටයි කියලා. එතකොට මං අහනවා රෑට අහස නිල්පාටයිද කියලා. දවසේ මෙන්න මේ වෙලාවේ ඉඳලා මේ වෙලාව වෙනකන් අහස නිල්පාටයි කියයි. ඒත් වලාකුලු තියෙද්දිත් අහස නිල්පාටද? හරි වලාකුළු නැති වෙලාවට අහස නිල්පාටයි කියයි.ඒත් මොන අහස ගැනද කියන්නේ අඟහරු වල කවුරුහරි ජීවත් වෙනවනම් එයාටත් අහස නිල්පාටද?පෘථිවියේ, දවල් වෙලාවට, වලාකුලු නැති අහසක් තියෙද්දි අහස නිල්පාටයි කියන්න පුලුවන්. ඒත් ඔයා හිතනවද ඔයාට අහස නිල්පාට උනාට අනික් සත්තුන්ටත් අහස නිල්පාටමයි කියල?? එයාලට වෙන පාටක් වෙන්නත් පුලුවන්..

> මනසේ සීමාව
අපේ මනස හරි Limited. රාමුවක් ඇතුලේ ඉන්නේ. සමහර අය ඇහැරෙන්න තිය තමන් ඉන්නේ කොටුවෙලා කියලවත් දන්නේ නෑ. අපිට ඇහෙන දකින දැනෙන දේවල් තුලින් අපි පරම සත්ය කියලා සමහර දේවල් පිලිඅරගෙන සමහර දේවල් බැහැර කරනවා. ඒත් අපි දකින් නෑ අපිත් Limited වගෙම අපේ Limits මොනවද කියල..මේක හෙන සරල ප්‍රශ්නක් වගේ ඔයාට පෙනෙයි. ඒ ඔයා ඒකේ සංකීර්ණ බව දකින්නෙ නැති නිසා ඔහොම හිතන එකට තමා OPEN MINDEDNESS කියන්නේ.. දැං ඔයාට හිතෙනවද, මේ මොන පිස්සුවක්ද කියලා. එහෙම හිතෙන එක සාමාන්‍යයයි. ඒක තමා ඔයාගේ EGO එක.. එයා එයාට ඕනි විදිහට ඔයාව ලස්සනට පාලනය කරනවා. එයා පිලිගන්න නැති දෙයක් ඔයා කියෙව්වොත් බැලුවොත් ඔයාව එතනින් ඉක්ම්නට අයින් කරනවා.. මොකද EGO එකට ඕනි SURVIVE වෙන්න.
> BELEIFS – විශ්වාස
අපි බලමු මිනිස්සු පිලිගන්න සමහරක් දේවල් ගැන.ආගම් ගැන බලමු. ඔයා දැන් ආගමක් අදහනවනන් ඒක පරම සත්ය කියලා පිලිගන්නවනනන් ඔයා ප්‍රත්‍යක්ෂයෙන් දන්නවද ඒ ගැන. එහෙම නැත්තන් කවුරුහරි කිව්වට පිලිගන්නවද? බුදුහාමුදුරුවෝත් දේශනා කරලා තියෙනවා හැමදේම ප්‍රශ්න කරන්න කියලා.. ඒත් ඇයි ඔයා ප්‍රශ්න කරන් නැත්තේ.. මම මෙතන කියන්නෙ ප්‍රශ්න කරන්න කියල මිසක් වාද කරන්න කියලා නෙමේ. වාද කරන කෙනෙක් Open minded නෑ.. එයා කරන්නේ එයා පිලිගන්න දේ හරීයි කියන තැන ඉදන් ප්‍රශ්න කරනවා තර්ක කරනවා.. ඒක නෙමෙයි වෙන්න ඕන.. ඔයා ට සත්ය දකින්න ඕන් නම් පක්ශක්ග්‍රාහී නොවී මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න කරලා දැනගන්න. ප්‍රත්‍යක්ෂ කරගෙන පිලිගන්න. එහෙම නොකර ගරහන්න බනින්න ඔයාට බෑ.. වෙන කෙනෙක් කියන දෙයක් වැරදි කියන්න ඔයාට බෑ. ඔයා එහෙම කියන්නේ ඒ කෙනා කියන දේ ඔයා පිලිගන්න දේට පටහැනි නිසා.. ඕක තමා emotional trigger කියන්නේ. ඔයා එහෙම කියනවනන් ප්‍රත්‍යක්ෂයන් දැනන් ඉන්න ඕන. ඔයා බුදුදහම කර්මය පුනර්භවය බොරුයි කියන්නේ ඇයි ඔයා අත්දැකීමෙන්ද ඒක පිළිගන්නේ එහෙම නැත්තන් “මං පොර” මානසිකත්වය හින්දද? සමහර අය හිතන් ඉන්නවා මම තමා පොර, මං විශ්වාස කරන්නේ විද්‍යාව විතරයි.. ඔය එක එක සුරංගනා කතා මං විශ්වාස කරන් නෑ. මං හෙන රැඩිකල් කියලා.. ඒත් ඔයා ඔය පිලිගන්න දේවල් වලින් කියක් ඔයාගේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් හොයාගත්ත එවද්? එහෙම නැත්තන් වෙන අය පරීක්ෂණ කරලා හොයාගත්ත ඒවද?
> විද්‍යාවේ මිථ්‍යාව

විද්‍යාව ගැන කතාකරද්දි ගොඩක් විද්‍යාඥයා සහ විද්‍යාව පිලිගන්න අය හිතන් ඉන්නවා විද්‍යාව තමා හරී.. ඔය ආගම් කියන්නේ එක එක සුරංගනා කතා කියලා. ඒත් විද්‍යාව කොච්චරක් දුරට හරිද?? කාලයක් විද්‍යාඥයෝ හිතන් හිටියා පෘථිවිය තියෙන්නේ අපේ විශ්වයේ හරි මැද්දේ කියලා.. ඒත් ඒක බොරුවක් කියලා පසුකාලීන සොයාගැනීම් වලින් කියනවා.. ඔය වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. ඒ වගෙම දැං මේ වර්ථමානයේ පවතින පරම සත්ය කියල සමහර අය හිතන් ඉන්න විද්‍යාව තව අවුරුදු 100ක් හෝ 500ක් ගියහම වෙනස් වෙන්න බැරිද?? හරියට අතීතයෙදි උනා වගේ..?
අපේ විශ්වයේ 95%ක් විතර තියෙන්නේ DARK MATTER,, ඒත් කිසිම විද්‍යාඥයෙක්ට අදවෙනකන් බැරි උනා මේ මල ඉලව්ව අඩුගානේ මොකක්ද කියලා වත් කියන්න. ඒ හින්දා කවුරුවත් හිතන් ඉන්න එපා තම්න් හෙන විද්‍යාත්මකයි.. සාක්ශි මත තමයි හැමදේම පිලිගන්නේ කියලා. මොකද සාක්ෂි හදන්නෙත් මිනිස්සුමයි තමන් හොයගත්ත දේ හෝ පිළිගන්න දේ හරි කියලා සමාජගත කර්න්න.. මොකද සාක්ෂි තිබ්බොත් හැමදේම පිලිගන්න පිරිසක් ඉන්නවනේ.. අනික් දේ තමයි අපි හැමවෙලේම මතක තියාගන්න ඕන අපි ගොඩක් Limited කියලා.. විද්‍යාවෙන් හොයාගන්නෙත් අපිට access වෙන අහුවෙන පරාසයේ එවා විතරයි..
> නිරාගමිකයෝ
නිරාගමිකයෝ පිලිගන්න දේවලුත් එහෙමයි. එයාලා පිලිගන්න හෝ නොගැනීම එයාලගේ මතයක් ඒත් තව කෙනෙක්ට බලකරන්න බෑ.. මොකද එයාලත් අත්දැකීමෙන් දන්නෙ නෑ ආගම් බොරුයි කියලා. විශ්වාසයක් විතරයි.විද්‍යාවත් තව එක විස්වාසයක් විතරයි. ඒක එයාගෙ පිලිගැනීම. ඒත් එයා කවදාවත් තම්න්ගෙන් අහලා බලන් නෑ මං පිලිගන්න දේ හරිද කියල.. මටත් වරදින්න පුලුවන් නේද කියලා නිරාගමියෙක් හිතන් නෑ. මොකද එයා හිතන්නේ මං මිථ්‍යාවෙන් ගැලවුනා කියලා. එත් එයා දන්නෙ නෑ එයා තවත් මිථ්‍යාවක ඉන්න පුලුවන් නේද කියල.. දැං ඔයාට කියන්න පුළුවන් අපිට අහු නොවෙන පරාසයේ එවා දකින්න තමා විද්‍යාත්මක උපකරණ නිපදවලා තියෙන්නේ කියලා. හරියට අණ්වීක්ෂ වගේ.. ඒත් ඔයා කවදාවත් හිතුවද අණ්වීක්ෂයෙකින් බලන්නෙත් මනුස්සයෙක් තමන්ගෙ ඇහෙන් නේද කියල?? ඒවගේම මිනිස් ඇස කිය්න්නෙත් Limited කියලා.
> ආගම
ගොඩක් ආගමික මිනිස්සුන්ගෙ තියෙන වැරැද්දක් තමයි තමන් අදහන ආගම හරි අනික් එවා වැරදී කියලා හිතන එක. ඒත් ඔයා ඇත්තටම OPEN MINDED නම් එහෙම හිතන්න හේතුවක් නෑ. සමහර අය හිතන් ඉන්නවා මං අදහන ආගම හරි ඒත් අරය අදහන ආගමත් 50% විතර හරි ඇති කියලා. මම කියන්නේ ඒක නෙමේ.. ඔයා අදහන ආගම හරි වගේම අනික් අය අදහන ආගමත් 100%ක් හරි හෝ 100%වැරදි වෙන්නත් පුලුවන් කියන මතයේ ඉන්නවානන් ඔයා open. ඔයා ඒක වැරදි කියනවනන් ඔයා ඒක ප්‍රත්‍යක්ෂ යෙන් දැනන් ඉන්න ඕන. අත්දැකීමෙන් දැනන් ඉන්න ඕන.
අපි ඉපදෙනකොට අරන් එන ආගමක් නෑ ඉපදුනාට පස්සෙ තමයි හැමදේම හදාගන්නේ.. ඔයා ඉපදෙන්න කලින් කොහෙද හිටියේ කියලා ඔයා දන්නවද?? මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා හරියටම අත්දැකීමෙන් දන්නවද? ඔයාගෙන් අහලා බලන්න.
ඔයා විශ්වාස කරන එවා පැත්තකින් තියලා අවංකවම ඔයාගෙන් අහලා බලන්න.දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කිව්වම මැවුවාදි ආගම් අදහන් නැති කෙනෙක් නම් ඔයා.. ඔයාට හිතෙයි අපෝ ඔය මොකක්ද ඕක හෙන ප්‍රාථමිකයිනේ බං එහෙම වෙන්නේ කොහොමද කියලා.. ඒත් ඔයා ඔයාගෙන් අහලා බැලුවද මං ඇයි එහෙම කියන්නේ කියලා? හේතුව ත්මා ඔයා වෙන දෙයක් තදින්ම පිලිගන්නවා වගේම, ඒක හරී කියලා හිතන් ඉන්නවා කවදාවත් ඒක හරි නොවෙන්නත් පුලුවන්ද කියලා ප්‍රශ්න නොකර.. ඔයා දෙවියන් වහන්සේ ලෝකේ මැව්වේ නෑ විශ්වය මැව්වේ නෑ කියනවානන් ඔයාට සිද්දවෙනවා විශ්වය පුරා ගිහින් දෙවියන් වහන්සේ ඉන්නවද කියල හොයලා බලන්න. එහෙම හොයලා හම්බුනේ නැත්තන් අන්න දැං කියන්න පුලුවන් දෙවියන් වහන්සේ ලෝකේ මැව්වෙ නෑ කියලා.
ඒත් ඔයාට හරියටම කියන්න බෑ මොකද ඔයට හම්බුනේ නැති දෙයක් නෑ කියන්න ඔයාට බෑ. ඒත් ඔයා කියයි එහෙම කරන්න බෑ නේ කියලා. එහෙනන් ඔයාට දෙවියන් වහන්සේ ලෝකේ මැව්වෙ නෑ කියලා කියන්නත් බෑ…
මිනිස්සු හැමදේම දන්නවා කියලා හිතන් හිටියට දන්න දෙයක් නෑ. අපි දන්නේ කවුරුහරි කිව්ව දෙයක් දැක්ක දෙයක් දැනුනු දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගත්ත හින්දා… හරියට අහස නිල්පාට ද ඇහුවා වගේ. මට කාගෙවත් ආගමකට ඇදහීමකට විශ්වාසයකට පහරගහන්න ඔන නෑ. මට ඕන මිනිස්සු තව ටිකක් විවෘතව ලෝකේ දිහා බලන්නයි. මං දන්නව ගොඩක් අය මට බනිනවා මේක කියවලා. මං කියන්නේ මට බනින්න කලින් ඒක ඔයාගෙන්ම අහලා ඉන්න ඉන්න. අයි මෂ් මේ බනින්නේ කියල. මං අහපු ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න උත්තරයක් හම්බෙනවද කියලා.

> මනසේ සිර කුටිය
මිනිස්සු හරියට ජීවත් වෙන්නේ හිරගෙදරක ඉන්නවා වගේ.. ඇත්තටම එහෙම නොවුනත් සමහර අයගෙ හිත් හිරගෙවල්වලටත් අන්තයි.ඉපදුන දවසේ ඉඳන් හිරගෙදරක ජීවත් උන පුද්ගලයෙක් ගැන හිතන්න.. ඒ පුද්ගලයා ඒ බිත්ති හතරයි යකඩ කම්බි ටිකයි ඇරෙන්න වෙන දෙයක් දන්නේ නෑ. සමහර අයගේ හිත් ඒ වගේ. කූඩුවකට, රාමුවකට කොටුවෙලා.. එතනින් එහා හිතන් නෑ. කවුරුහරි කිව්වොත් මචන් ඔතනින් එලියට වරෙන් ඔය හිර කූඩුව නෙමේ ලෝකේ ඊට වඩා ආතල්. එලියේ තව ගොඩක් දේවල් තියෙනවා කිව්වට එයාට ඒවා ගානක් නෑ. ඌ කරන්නේ ඒ කියන එකාටත් බැනලා හරි ගහලා හරි පන්නගන්න එක. ඒ මොකද ඌ කැමති නෑ තමන්ගේ COMFORT ZONE එකෙන් එලියට එන්න. ඌ කැමති ඒකේ හිරවෙලා ඉන්න.. ඔයත් කැමති ඒකෙ හිරවෙල ඉන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ ඉන්න. ඔය කූඩුවෙන් පිට ලෝකයක් තියෙනවා කියලා හරි දැනගන්න.. මං කියන්නේ ඒ කූඩුවෙන් එලියට එන්න කියල. එතන පට්ට නිදහස්. ඔතනින් එලියට එනකන් ඔයාට මං කියන එවා නිකන් පිස්සු විකාර වගේ පේන්නේ. ඒක තමා EGO MIND එකේ හැටි.
මම මෙතනදි කියන්නේ ඔයා පිලිගන්න අගම් විශ්වාස ඔක්කොම අතැරලා එවා බොරුයි කියලා ගරහලා නිරාගමියෙක් හෙන රැඩිකල් පොරක් වෙන්න කියලා නෙමේ.. ඒක නෙමෙයි වෙන්න ඕන. ඔයාගේ MIND එක වෙන්න පුලුවන් හැම POSSIBILITY එකකටම OPEN කරන්න. ඒක වෙන්නෙ කොහොමද එහෙම වෙන්න බෑ නේද කියලා හිතන්න කලින් එහෙම වෙන්නත් පුලුවන් ද කියලා බලන්න. OPEN YOUR MIND TO EVERY POSSIBILITY කියන එකයි කියන්නේ.. මේකේන් ඔයා ලෝකේ ගැන දකින විදිහ ගොඩාක් වෙනස් වෙයි.. මේක ඔයා හරියට කලොත් ඒකට ත්මා කියන්නේ EGO DEATH කියලා. EGO එකෙන් එලිය්ට එන එක.ඔයා මෙහෙම හිතන එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?
01 ඔයා තවදුරටත් trigger වෙන් නෑ.. මොකද ඔයා හිතනවා එයා කියන එකත් හරි වෙන්න පුලුවන් කියලා.
02 ඔයා බිස්නස් එකක් කරනවනන් ඔයා වෙන්න පුලුවන් නරකම දේ සහ හොඳම දේ ගැන කලින් හිතනවා. වෙන්න පුළුවන් හැම possibility එකම ඔයා කලින් හිතලා ඉවරයි ඔයාගේ mind එක open නිසා ඔයාට ඕන දෙයක් දැං හිතන්න පුලුවන්.
03 ආගම් වලට ඇදහිලි වලට තවදුරටත් මරගන්නෑ.. මොකද ඔයා දන්නවා මං පිලිගන්න දේ ප්‍රත්‍යක්ෂ කරගන්නකන් ඒක හරි ද නැද්ද කියලා මං ද්න් නෑ කියලා. ඔයා වාද කර්න්න යන් නෑ. ප්‍රශ්න කරනවා විතරයි. මොකද ඔයා දන්නවා හැමදේම වෙන්න හෝ නොවෙන්න පුලුවන් බව.
> යථාර්ථය?

ඔයා මෙහෙම කරන් යද්දී ඔයාට යථාර්ථය පේන්න ගන්නවා. ඔයා මෙච්චරකල් දැකපු නැති Reality එක දකිනවා.. ඔයාට පේන්න ගන්නවා අපිට මේ පේන දකින දේවල් යථාර්ථය නෙමෙයි අපි ඒවා අඳුරගන්න පහසුවෙන්න දීපු නම් විතර්යි කියලා. ඔයාට ඒවයේ ඇත්ත ස්වභාවය පේන්න ගන්නවා. උදාහරණෙකට ඔයා ගහක් ගහක් කියල හඳුනගන්නේ කවුරුහරි කිව්ව හින්දයි. අපි ඒකට දීපු නම තමයි ගහ. ඒත් ඒක වෙන සතෙකුටත් ගහක්මද? ඌ ඒක දකින්නෙත් අපි දකින විදිහටමද? අපිට පේනවා රූපයක් අපි ඒකට ගහක් කියලා නමක් දෙනවා.. අපි තව රූපයක් දකිනවා ඒකට වෙන නමක් දෙනවා.. මේ වගේ අපි දීපු නම් වලින් අපි හදාගත්තු දේවල් වලින්මයි අපේ යථාර්ථය හැදිලා තියෙන්නේ. ඒත් ඇත්තටම යථාර්ථය කියන්නේ ඒකද.. එහෙම නමක් දුන්නෙ නැත්තන් ඔයා කොහොමද ඒක අඳුරගන්නෙ? ස්වභාවධර්මය විසින් ඒක ගහක් කියලා නම් කලාද එහෙම නැත්තන් අපිද එහෙම නම් කලේ අපේ පහසුවට? ප්‍රශ්න කරන්න.තව මේ වගේ ඕන තරම් කියන්න පුලුවන්…
මේ දවස්වල ගොඩක් ආගමික ගැටුම් වගේ දේවල් දැක්ක හින්ද්යි මේක ලියන්න හිතුනේ.. මේක හරියට තේරුම් ගත්තොත් තර්ක කිරීමෙන් වැඩක් නෑ කියලා ඔයාටම තෙරෙයි. possibility කියන එක හරියටම තේරුම් ගන්න. අන්තිමට කියන්න තියෙන්නේ කවුරුහරි කෙනෙක් හිතන විදිහ වෙනස් කරන්නවත් නව මතයක් සමාජගත කරලා ආගමකට යම් පිරිසකට පහර ගහන්න ලියපු එකක් නෙමේ මේක. මං මේක පිලිගන්න කියලත් කියන් නෑ. අන්ධයෝ වගේ පිලිගන් නැතුව හැමදේම ප්‍රශ්න කරන්න. එච්චරයි. ඔයාගෙ අදහස් පහලින් දාන් යන්න..කැමතිනම් තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරන් යන්න.
Comments
Post a Comment