
paranormal games | 01
මිඩ්නයිට් මෑන් ගැන දන්නවද.. ඔන්න මුලිම්ම කියනවා මේවා කරන්න ගිහිං වැඩ වරද්දගත්තොත් සොරි තමා හොඳේ. පස්සෙ අපිට දොස් කියනවා එහෙම නෙවේ.
පේගන් කියලා ආගමක් ගැන ඔයාලා සමහරවිට අහලත් ඇති, මිඩ්නයිට් මෑන් කියන්නෙ ඔන්න ඔය ආගමට අනුව වැරදි කරන අයට දඬුවම් කරන කෙනෙක් කියල තමා කියන්නෙ. ඒ අගමට අනුව නීති කඩකරන අයට දඬුවම් දෙන එක තමා මෙයාගේ රාජකාරිය.අපි දැන් කරන්න යන්නේ ඔන්න ඔය මෑන්ව ගෙන්නන එක. අහක යන නයි … දාගන්න කැමති නැති අය නොකර ඉන්න. හිත බය උදවියත් මෙක නොකර ඉන්න එක තමා හොඳ.
මේක කරන්න අවශ්ය කලමනා ටික පල්ලෙහාන් දාන්නන්.. ඔය ටික ලැහැස්ති කරගෙනම වැඩේට බහින්න.

අවශ්ය ද්‍රව්‍ය:- පැන්සලක්,කඩදාසි කොලයක්,ඉඳිකට්ටක්, ඉටිපන්දමක්,ගිනිපෙට්ටියක්,දොරක්,ලුනු ස්වල්පයක්. (කෑම හදන්න නම් නෙමේ.
හදිස්සි අවස්ථාවට)මුලින්ම ගෙදර තියෙන ඔක්කොම ලයිට් නිවන්න. දැං ඔයාගෙ ඉටිපන්දම පත්තුකරගන්න, කඩදාසිය අරන් ඔයාගෙ නම ඒකෙ ලියන්න. සම්පුර්න නම ලියන්න. නැත්තං එයාට හොයාගන්න බැරිලු ඈ.. (ගෙදර ඉන්න ඔක්කොම අයගෙ නම් ලියන්න එහෙම එපා හොදෙ.
)මෙතන් පස්සෙ කරන්න යන වැඩ ටිකක් danger. ඉදිකට්ටක් ගන්න කිව්වනෙ. අන්න ඒක අරං ඇගිල්ල විදලා ලේ ටිකක් අරං අර ඔයා නම ලිව්ව කොලේ නම උඩින් දාන්න. ඇගිල්ල විදින එක රිදෙයි වගෙ කියලා හිතලා රතු පාට ඩයි එකක් දාන්න එහෙම එපා හොදෙ.දැං ඉතිං දාපු ලේ බිංදුව කොලේට පෙඟෙනකන් ඉන්න.දැං ඔයා නම ලිව්ව කොලේ දොරට යටින් තියල දොරට තට්ටු කරන්න. දොරට 22 වතාවක් තට්ටු කරන්න ඔනෙ එ වගෙම ඔයාගෙ 22නි පාර තට්ටු කරද්දි හරියටම රෑ 12 වෙන්න ඔනේ. එ කිව්වෙ ඔයා තප්පරයට එක ගානෙ තමා තට්ටු කරන්න ඕනෙ.දැං දොර ඇරලා ඉටිපන්දමත් නිවල, ටිකකින් දොර ආයෙ වහන්න. ඔන්න දැං වැඩේ හරි. මෑන් දැං ඔයා දිහා බලං ඉන්නේ. ඔයාගෙ ආරාධනාව පිලිඅරගෙන ඔයාගෙ ගෙදරට ඇවිල්ලා ඉන්නෙ. (දැං ඉතිං සංග්‍රහ කරලා එහෙම යවන්න තමා තියෙනේ.
)දොර වහපු ගමන් ඔයා නිවපු ඉටිපන්දම පත්තු කරගන්න. දැං ඉතින් ඔයාට කරන්න තියෙන්නේ රෑ එලිවෙනකං මෑන් ගෙන් හැංගිලා ඉන්න එක තමා.(ආතල් නෑ).
ඔය අතරේ ඔයාගේ ඉටිපන්දම නිවෙන නිවෙන සැරේට පත්තු කරගන්න ඕනේ. ගිනි පෙට්ටිය ලග තියාගන්න. ඔයාට තප්පර 10ක් ඇතුලත ඉටිපන්දම පත්තු කරගන්න බැරි උනොත් මිඩ්නයිට් මෑන් ඔයාව අල්ලගන්නවා.
එහෙම උනොත් මෑන් ඔයාගෙ ආත්මෙ අරන් යනවා කියලයි කියන්නෙ. එයා ඔයා ලගට එනකොට ඔයාට සීතලක් දැනෙවි. අඳොනා කෙදිරිලි වගේ අමුතු විකාර සද්ද ඇහෙයි. මෑන් ඔයාගෙ නම කියලා හිමීට කොඳුරනවා ඇහෙයි. ඉටිපන්දමත් නිවෙයි. එතකොට දැනගන්න පුලුවන් මෑන් ලග ඉන්නෙ කියලා. තව දෙයක් කියන්න ඕනා. ගේම් එක ඉවර කරන්නෙ නැතුව ගෙදරින් එලියට යන්න නම් එපා.ඔයාට තප්පර දහයක් ඇතුලත ඉටිපන්දම පත්තු කරගන්න බැරි උනොත් ඉක්මනට ඉන්න තැනම ඉඳන් ඔයා වටේට ලුනු වලින් රවුමක් ඇඳලා පාන්දර 3.33 වෙනකන් ඉන්න.හරි ඔයා තාම පනපිටින් ඉන්නවද. සුභපැතුම්
.මේක හරියට ඉවර කරේ නැත්තං එහෙම කරදර විදින්න වෙනවා.ඔන්න ඕක කරලා ජීවත්වෙලා හිටියොත් කමෙන්ට් එකක් එහෙම දාන්න හොදේ අපිටත් දැනගන්න.ලිපිය හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරගෙන යන්න.
ප.ලි. මෙන්න මේ ගැන ෆිල්ම් එකක් තියෙනවා පුලුවන්නම් හොයාගෙන බලන්න
Comments
Post a Comment